ටෙස්ට් වන් !
පැය 24 කට පසු කර්නල් ජොහාව්ගේ දේහය ඝන අයිස් කුට්ටිය තුළින් සොයාගන්නා ලදී.වැඩිදුර විමර්ශණ සඳහා එම අයිස් කුට්ටිය දිය කර දේහය පිටතට ගැනීමට කටයුතු සූදානම් බව මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් කියැවිණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුහුසුළුව මෙම අපරාධයේ සුලමුළ සොයන්නට පිඹුරුපත් සකසමින් සිටියහ.
“වහාම යටත් වියන්.නැත්නම් තත්වය බොහොම බරපතල වේවි.” කොටු වී ඇති බව මිගල්ස්ට වැටහිණි.හෙතෙම සිය රිවෝල්වරය බිම තබා දෑත් ඔසවා යටත් වීය.සිද්ධිය වූ මොහොතේ පාකර් සිටියේ බිත්ති කණ්ඩියට මුවා වී අඩි හත අටක් ඉහළ තැනකය. මිගලස්ගෙ සංඥාව පාකර්ට වැටහිණි .තම සගයා කැටුව යන කුලිහේවායින් හඹා යෑමේ රාජකාරිය හෙතෙම තමාටම පවරා ගත්තේය
කාලය ගලා යමින් තිබේ.තත්පර මිනිත්තු පැය ගණන් සනිටුහන් කරන කටු නිමානොවන ගමනක යෙදෙති. දත්ත විශ්ලේෂණය අවසන්...යන පණිවුඩය ඇසී අවධානය බිඳෙද්දී මෙහෙයුම බාර යුවිනාශ් ආයුධර හුන්නේ දැඩි කල්පනාවකය.
කෞතුකාගාරයේ මහා සොරකමක්! 1986 වර්ෂයේ දිනෙක යෝක්ෂයර්හි පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය එය වීය. සොරකම් කරලා තියෙන්නේ මොනවද ඉතින් ?
"රුදුරුගොයෙකුගේ පහරදීමක්" යන මැයෙන් දිනපොතෙහි වූ සටහනක් ම
"...මගේ අදහස මේ ලෝකයේ තිබුන , දැනට තියෙන සහ ඇතිවෙන්නට නියමිත හැමදැනුමක්ම අත්පත් කර ගන්න එක..." ග්රැබ්ගේල්ඩ් මහාචාර්යවරයා කීවේය..."ඔබතුමාට නම් පිස්සු..." ග්‍රීටා අවඥාවෙන් සිනාසුනාය.
මම දන්න එක හාදයෙක් හිටියා මැරෙන්න කලින් තමන්ව පණපිටින්ම පෙට්ටියක දාලා පොළවෙ යට කරගත්තා. කෑම බීම මුකුත් නැතුව පැය හැත්තෑ දෙකක් තනියම පොළව යට ඉන්නයි මිනිහට ඕනි වුනේ..
ලංකාව කියන්නේ සුපිරිම රටක් කියලා හිතුවට මගෙ හිතේ හොල්මන් කරපු එක භීතිකාවක් තිබ්බා. ඒ තමයි ලංකාවට නම් කවදාවත් පිටසක්වල ජීවීන් එන එකක් නෑය කියලා. ඇරත් බලන බලන කතාවලයි ටීවීසිරීස්වලයි නිව්ස් වලයි හැම එකකම පේන්ඩ හිටියෙ පිටරටවලට ආපු පිටසක්වලයො ගැන කතා.ළඟම තියෙන ඉන්දියාවටත් ආපු එක ඇත්ත..ඒත් දෙයියම්ප මං නං හිතුවෙම නෑ මුන් කවදාහරිම ලංකාවට එයි කියලා..හරිම අනර්ඝයි..උත්කෘෂ්ඨයි!
වැසි අන්ධකාරයත් රාත්‍රියත් එක්ව ආවේය.එක්වරම යන මග වසා උණුසුම් මීදුමක් නැගිණි.ඒ හරහා යන විට අමුතුම උණුසුමක් දැනෙන්නට විය. " දෙයියනේ...හොල්මනක්ද ?" මම දුවන්නට පටන් ගත්තෙමි. දිවිල්ල අවසන් වූයේ හති වැටෙන තරමක් දුර ගිය පසුය.
Comments
Post a Comment